Ageing, Disability & Home Care

  • High contrast version
  • Increase the text size
  • Decrease the text size
  • Print this page

Sinhala

සිංහල

Ageing, Disability and Home care (වියපත් වීම, ආබාධිත තත්වය සහ නිවෙස් සත්කාර) යනු මොනවාද ?

Ageing, Disability and Home Care (ADHC) යනු පහත අය සම්බන්ධයෙන් උපකාර කරන්නාවූ NSW රාජ්‍ය දෙපාර්තමේන්තුවකි :

  • වියපත් පුද්ගලයින්ට
  • ආබාධිත තත්වයක් ඇති පුද්ගලයින්ට
  • ඔවුනට සත්කාර කරන ඔවුන්ගේ පවුල්වලට හෝ පුද්ගලයින්ට.

ආබාධිත තත්වයක් යනු කුමක්ද ?

එදිනෙදා කාර්යයන්හි නියැලීම අසීරු බව දැනේ නම් එවැනි පුද්ගලයෙකු හට ආබාධිත තත්වයක් පැවතිය හැක. උදාහරණ වශයෙන්, ඉගෙනීම, විනිවිද දැකීමේ කල්පනා ශක්තිය, පෙනීම, ඇසීම, කථා කිරීම හෝ ඔබමොබ යාම.

ලබාගත හැකි ආධාර මොනවාද ?

ආබාධිත තත්වයක් ඇති අයට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලබා ගත හැකි විවිධ ආකාරයන්හි උපකාර ඇත. උදාහරණ වශයෙන්, පහත දැක්වෙන ආකාරයේ උපකාරයන් :

  • ඔබට ගැලපෙන සේවා පිළිබඳ තොරතුරු සහ උපදෙස් ලබා ගැනීමට
  • ඔබට අවශ්‍ය මොනවාදැයි තීරණය කිරීමට සහ ඔබේ දිවියට සරිලන ලෙස සැලසුම් කිරිමට
  • ඔඛෙ නිවසේම වඩාත් ස්වාධීන ලෙස තනිවම හෝ අන් අයත් සමගින් දිවි ගෙවීමට
  • ඔබේ දරුවාගේ ආබාධය අවබෝධ කර ගැනීමට සහ ලබාගත හැකි අධාර මොනවාද යන්න අවබෝධ කර ගැනීමට
  • රැකියාවන් සඳහා සහ සමාජ ක්‍රියාකාරකම් සඳහා නව කුසලතා ඉගෙනීමට
  • ඔබේ ප්‍රජාවෙහි කොටසක් බවට පත්වීමට
  • ආහාර ගැනීම, ඔබමොබ යෑම සහ කථා කිරීම වැනි එදිනෙදා කාර්යයන් වඩාත් පහසුවෙන් ඉටු කිරීමට
  • ඔබට පහසුව සලසන ආධාරක සහ උපකරණ ලබා ගැනීමට
  • ඔබේ පවුල හෝ සත්කාරකයා විවේකයක් ලබන අතරතුර විරාමයක් ලබා ගැනීමට

අධාර සපයනුයේ කවරහුද ?

ADHC මගින් අරමුදල් සැපයෙනු ලබන ඔබේ ප්‍රජාවෙහි ඇති ආයතනයන් මගින් ආධාර බොහොමයක් සැපයෙනු ඇත. මෙකී අධාර සමහරක් ADHC සඳහා සේවය කරන පුද්ගලයන් විසින් සැපයෙනු ඇත.

ආබාධිත තත්වයක් ඇති පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඔවුනගේ අවශ්‍යතාවයන්ට හා දිවියට සරිලන අධාර මනාප පරිදි ලබාගැනීමට ADHC ක්‍රියාකාරීව කටයුතු කරයි.

මා වැඩිදුර තොරතුරු ලබාගන්නේ කෙසේද ?

ඔබට හෝ ඔබේ පවුලට අවශ්‍ය ආධාර පිළිබඳව වැඩිදුර විස්තර සඳහා ඔබේ ප්‍රදේශයේ තොරතුරු, පැවරුම් සහ බඳවාගැනීම් කණ්ඩායම (Information, Referral and Intake team) අමතන්න.

ඔබ බිහිරි හෝ ශ්‍රව්‍ය ආබාධිත හෝ දෘෂ්‍ය අබාධිත තත්වයකින් පෙළෙන්නේ නම් ඔබේ ප්‍රාදේශීය සේවාව සඳහා දුරකථන අංකයක් තෝරාගෙන National Relay Service හරහා අප හා සම්බන්ධ වන්න.

  • TTY භාවිතා කරන්නන් 133 677 අමතා ඔබේ තෝරාගත් සේවාව සඳහා දුරකථන අංකය ලබාගන්න.
  • Speak and Listen භාවිතා කරන්නන් 1300 555 727 අමතා ඔබේ තෝරාගත් සේවාව සඳහා දුරකථන අංකය ලබාගන්න.

ඔබේ භාෂාවෙන් ආධාර අවශ්‍ය නම් කරුණාකර 131 450 මගින් පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවය (TIS) අමතන්න.

Display this in English

share on facebook share on tweet share on yammershare by email
Back to: top | ADHC home page